ජෝසප් ස්ටාලින් 12 තෙක් රිමාන්ඩ්

අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය.

ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවෙමින් මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (03) ය.

අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අද (04) රාත්‍රියේ දී කොටුව පොලිසිය සැකකරු මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.