ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ 3ක් අල්ලයි

රාත්‍රී කාලයේ වෙළඳසැල් බිඳ රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර් සොරකම් කළ සැකකරුවන් හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.

ගණේමුල්ල ප්‍රදේශයේදී එම සැකකරුවන් හතර දෙනා රාගම පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පිළිවෙලින් 35,34,28,32  වයසේ පසුවෙන්නන් බව රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දර්ශන අබේරත්න,පොලිස් සැරයන් 27096 උපනන්ද,78997 පෙරේරා,79574 සඳුන්,33250 අසංක,16849 කුමාර,96802 ඉලුක්කුඹුර මහත්වරුන් වැටලීම සිදු කළ බව රාගම පොලිසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.