විග්නේෂ්වරන්ගෙන් ජනපතිට යෝජනාවලියක්

දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් බාරදුන් බව  එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහය  දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම යෝජනාවලියට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

තමාට ඇමැතිධූර ලබා ගැනීමේ මේනියාවක් නැති බවත් තමාට අවශ්‍ය වන්නේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

හිටපු  විනිශ්චයකාරවරයකු වන හෙයින් ඇමැති ධූර ලබා ගැනීමේ විශේෂ උනන්දුවක් තමාට නැතැයිද  ඔහු පැවසුවේය.

සී.වී විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස  2013 -2018 අතර කාලයේදී කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published.