හමුදා කපිතාන් යතුරු පැදිකරුගේ කන පළයි

යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ පානදුර , අළුබෝමුල්ල, 39 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ.

කපිතාන්වරයා මෝටර් රථයකින් ගමන්කර ඇති අතර , පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකිනෙක ගැටීමට ගොස් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇත.

එහිදී කපිතාන්වරයා පානදුර කවිරාජ මාවත ප්‍රදේශයේ දී සිය මෝටර් රථයෙන් බැස යතුරුපැදිකරුගේ කනට වැරෙන් පහරදී ඇති බව සදහන් වේ.

කනෙන් ලේ වැගිරෙමින් පානදුර මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව ඇති බවත් කන් බෙරයට හානි සිදුව ඇති බවට විශ්වාස කරන බවත් රෝහල් ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කොස්ගම, සාලාව ස්වෙච්ඡා බළසේනා මූලස්ථානයේ  මාණ්ඩලික නිළධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.