කෘෂි ඇමති උමන්දාව බලන්න යයි

යුරියා පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් රජයට වැය කිරීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පැවසීය.

මැල්සිරිපුර උමංදාව විහාරස්ථානයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් එහි සිදු කර ඇති කෘෂිකාර්මික කටයුතු නිරීක්ෂණය කළේය.  දේශිය ද්‍රව්‍ය යොදාගෙන නව ආහාරපාන සැකසීම, නව කෘෂි තාක්ෂණය හා කාබනික වගාව විධිමත්ව කිරීම මගින් කෘෂි ක්ෂේත්‍රයේ  අස්වනු වැඩි කර ගත හැකි ආකාරයද මෙහිදී සාකච්ඡා කර ඇත.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ  ලබන මහ කන්නයේ වගා කිරීමේදී රසායනික පොහොර  හා කබනික පොහොර සියයට 70 හා 30 අනුපාතයෙන් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ට ලබා දීමටත්  ඊට අමතරව  කාබනික වගාවට යොමුවන ගොවීන් සඳහා පොහොර සනාධාරයක් ලබා දීමටත් රජය කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබෙි.

Leave a Reply

Your email address will not be published.