චීනයෙන් තායිවානය දෙසට මිසයිල 11 ක්

ඇමෙරිකා කතා නායිකා නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයෙන් කෝපයට පත් වුණු චීනය, තායිවානය අවට මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති අතර, චීන හමුදා මිසයිල 11 ක් තායිවානය දෙසට එල්ල කරමින් ඒවා අත්හදා බැලීම සිදු කළේය‍

චීනය මේ අයුරින් තායිවානයට තර්ජනයක් ලෙස මිසයිල අත්හදා බැලීසක් කළේ දශක ගණනාවකට පසුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එසේ එල්ල කළ මිසයිලවලින් මිසයිල 5 ක් ජපානයට අනතුරක් වන ආකාරයට ජපානය දෙසට ද එල්ල වී ඇතැයි පැවැසෙයි.

තායිවානය යනු චීනයෙන් වෙන් වී වෙනම පාලනයක් ඇති කරගත් කුඩා දූපත් රාජ්‍යයකි. සෙසු රටවල් තායිවානය සමඟ සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරයි.

ඇමෙරිකා කතා නායිකා නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියේ දැඩි චීන විරෝධයක් මධ්‍යයේය. එසැණින් තායිවානයට ආර්ථික සම්බාධක පැනැවීමටත්, තායිවානයට අනතුරක් වන ආකාරයට යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමටත් චීන රජය කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published.