වැලිගම ඖෂධහල් 20කින් 18ක් නුසුදුසු තත්ත්වයේ

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි ඖෂධ 20 කින්  ඖෂධ හල් 18කම පිළිගත්  ඖෂධවේදීන් නොමැති බව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වූ බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි ඖෂධ ශාලා වලින් ඖෂධ ලබා ගැනීමේදී නොයෙක් අක්‍රමිකතා සිදුවන බව දිගින් දිගටම  ලැබුණු පැමිණිලි මත මෙම සෝදිසි මෙහෙයුම සිදුකෙරිණි.

මෙහිදී ඖෂධ ශාලා විස්සක් සෝදිසි කෙරුණු අතර ඉන් දෙකක පමණක් පිළිගත් ඖෂධවේදීන් සිටි බවත් ඉතිරි 18ම සේවයට යොදවා ඇත්තේ  නුපුහුණු ඖෂධ සහායකයන් බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ඇතැම් ඖෂධ ශාලාවල පිළිගත් ඖෂධ වේදියකුගේ බල පත්‍රය ප්‍රදර්ශනය කර තිබුණත් අදාල ඖෂධ වේදියා ඵහි නොසිටි බව ද වාර්තා වෙයි.

ඖෂධ ශාලා අනිවාර්යයෙන්ම වායු සමීකරණය කළ යුතු වුවත් බොහෝ ඖෂධ ශාලාවල ඵම තත්ත්වය නොමැති බව සොයා ගෙන තිබේ.

ඵසේ ප්‍රමිතියකට නොමැති ඖෂධ ශාලා හිමියන්ට පළමු වරට අවවාද කිරීම් සිදු කළ අතර නියමිත සුදුසුකම් සහිත ඖෂධ වේදියකු නොමැති නම් ඒවා වසා දමන ලෙසටත්, ඵවැනි අවස්ථා වල ඖෂධ නිකුත් කිරීම නොකළ යුතු බවටත් තරයේ අවවාද කෙරිණි.

Leave a Reply

Your email address will not be published.