ශ්‍රී ලංකන් අප්‍රසාදයට පත්කිරීමේ මෙහෙයුමක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල හතරක් අතරින් කැමති ආහාර වේලක් තෝරා ගැනීමට අවස්ථාව ද ලබාදී ඇති බවත් මගීන් සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් ආහාර ගුවන් යානය තුළ තබා ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ගුවන් මගීන්ට සෑමවිටම ආහාර තේරීම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්හිමිවන බව කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එක් ආහාර වර්ගයක් අවසන් වුවහොත් ඒ වන විට ඉතිරිව තිබෙන ආහාර වර්ග වලින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට ලැබෙන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.