ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන ලබා නොදීම නිසා ඉන්දියාවෙන් එම ඉන්ධන ලබා ගැනීමට සිදුව ඇති බැවින්, ඉන්ධනවලට යන වියදමට අමතරව මසකට ඩොලර් බිලියන හතක අලාභයක් විඳීමට ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම පාඩුව විඳීමට සිදුව ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවට යාමට සිදුවීම,ගුවන් කාර්යමණ්ඩලයට නවාතැන් පහසුකම් සැපයීම හා අනෙකුත් පහසුකම් සැපයීම, ගුවන් යානයක් ගොඩ බැසීම හා යළි පියාසර කිරීම ආරම්භ කිරිමෙදී වැය වන ඉන්ධන ප්‍රමාණය සඳහා යන වියදම ආදිය සඳහා බව ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ මහතා කියයි.මාසයකට ගුවන් යානා 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඉන්ධන මිලදි ගැනීම  සඳහා ඉන්දියාවට පියාසර කරනු ලබයි. දිනකට අවශ්‍ය ගුවන යානා ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂ පහහමාරකි.

Leave a Reply

Your email address will not be published.