පොහොට්ටු මන්ත්‍රීවරු පොලිස්පති ගැන කනස්සල්ලෙන්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ .

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඉකුත් බදාදා( 03) පැවැති ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් මැයි මස නව වැනිදා මැති ඇමතිවරුන් රැසකගේ නිවාසවලට පහර දී ,හානි කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ හරියාකාරව සිදු නොවන බවට එම මන්ත්‍රීවරුන් එහිදී චෝදනා කර ඇතැයිද දැනගන්නට ඇත.

එබැවින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි එම මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂාව භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක්කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published.