සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් දක්ෂතා මත

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙි දී සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙන අතර එම සාකච්ඡා සාර්ථක බව කී ජනාධිපතිවරයා ඒ අතර විවිධ මත දරණ කණ්ඩායම් සිටින බව සඳහන් කළේය.

සාකච්ඡා මගින් වැඩි මතයට ඉඩක් දී නිවැරදි වැඩපිළිවෙළක් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීම අරමුණ බව ජනාධිපතිවරයා කීය. නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා මකුලෑවේ විමල රාමඤ්ඤ නිකායේ ම⁣හානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ම⁣හා සංඝරත්නය හමුවේ මෙි බව කීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි හල්පන්විල පාලිත නාහිමිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මීට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.