වෛද්‍ය දීපාල් ඩොලර් හොයන මඟක් කියයි

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ඩොලර් සොයා ගැනීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි.

විදේශයන්හි දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙනම වාට්ටුවක් ඇති කිරීම ඩොලර් සොයාගත හැකි හොඳම මාර්ගයක් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙයට අමතරව විදේශයන්හි රෝගී දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙනම රොහලක් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ ඇති කිරීම හෝ දිවයිනේ සෙසු රෝහල්වල වෙනම වාට්ටු හා පහසුකම් ඇති කිරීමෙන්ද ඩොලර් සොයා ගැනීමට මග පෑදෙන බව ඔහු සඳහන් කළේය.

වෛද්‍ය සහ වෙනත් අධ්‍යාපනික කටයුතු සඳහා විදේශීය රටවලට මෙරට ශිෂ්‍යයන් ඇදී යෑම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමෙන්ද ඩොලර් රට තුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙන බව පැවසූ දීපාල් පෙරේරා මහතා උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙරට පහසුකම් වැඩ කිරීමද එක් විසඳුමක් බව පෙන්වා දුන්නේය.

මෙයට අමතරව විදේශීය ශිෂ්‍යයින් සඳහා මෙරට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හෝ දේශීය විශ්ව විශ්වවිද්‍යාලවල විදේශීය ශිෂ්‍යයින් සඳහා වෙනම අංශ පිහිටුවීම මගින්ද ඩොලර් විශාල ප්‍රමාණයක් උපයා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

එසේම මෙරටට අවශ්‍ය කෙරෙන යම් යම් වෛද්‍ය උපකරණ මෙරටදීම නිෂ්පාදනය කිරිමට ව්‍යවසායකයන් දිරිමත් කිරීමද ඩොලර් ඉතිරි කර ගැනීමට තවත් හොඳම මාර්ගයක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.