ලිට්රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය.
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මීට පෙර පැවසුවේ පසුගිය 5 වැනිදා ලිට්රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50 කට වැඩි වන බවත්ය.
සභාපතිවරයා පැවසූ දිනට වඩා දින දෙකක් මේ වන විට ගතවී තිබේ.