සර්ව පාක්ෂික ආණ්ඩුවකට රනිල් – අනුර සාකච්ඡා හෙට

සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් හෙට (09) හවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගය හැරුණු විට සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11ක නායකයන් ඇතුළු සෙසු සියලු පක්ෂ සහ කණ්ඩායම් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා අවසන් අතර ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් වාර්තාවක් සියලු පක්ෂවලට අද (08) භාර දීමට ද නියමිතව තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් සහයෝගය නොදක්වන බව ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.