රටට අවැසි සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව සර්ව පාක්ෂික වැඩපිළිවෙළක්

රටට අවශ්‍ය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ජනතාව මේවනවිට මුහුණ දෙමින් සිටින ආර්ථික හා සමාජයීය ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම සර්ව පාක්ෂික වැඩපිළිවෙළේ අරමුණ විය යුතු බවයි.

රටේ ජනතාව බරපතල අර්බුද රැසකට මුහුණ පා සිටින බැවින් මහජන නියෝජිතයින් කිසිඳු අවස්ථාවක සිය වරදාන, වරප්‍රසාද සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ යුතු බව ද මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු කියා සිටිනවා. ජාත්‍යන්තරයේ සහය ලබාගැනීමටත් වඩා මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published.