ජනාධිපතිට අමතකයි… මුජුබුර්ට මතකයි…

රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයාට ප්‍රධාන කාරණයක් අමතක වූ බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දූෂණය නතර කිරීම ගැන සහ මෙතෙක්  සිදුවූ දුෂණයන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව කීමට ජනාධිපතිවරයාට අමතක වූ බව කී මුජිබුර් රහුමාන් මහතා  කතාවෙි එක තැනකවත් දූෂණය නතර කරන බවක් හෝ පසුගිය කාලයේ සිදු වූ  දූෂණ ගැන සොයා බලන වගක් කිව්වේ නැති බව පැවසීය.

දේශපාලකයන් ගැන සමාජයේ ලොකු වෛරයක් තිබෙන අතර දේශපාලකයන් එය තේරුම් ගත යුතු යැයිද  එම වෛරය ඇති වුනේ ඇයි දැයි තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.

අරගල කරන තරුණයන් නැගිට්ටේ කන්න ඕන වුනාම  කබරගොයාත් තලගොයා කර ගන්නා සම්ප්‍රදායට බවත් මෙය දේශපාලනිකව කියවා ගන්න බැරිනම්  වත්මන් දේශපාලකයන්  ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන බවත් මුජුබුර් රහුමන් මහතා කීය.

Leave a Reply

Your email address will not be published.