නව පාර්ලිමේන්තුව වැඩ අල්ලයි…

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව (committee of selection) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9)  පත් කරනු ලැබීය.

කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු  මෙම තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ සුසිල් ප්‍රේම ජයන්ත, ප්‍රසන්න රණතුංග ,නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක රවුෆ් හකීම්, ගාමිණි ලොකුගේ, විජිත හේරත්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ සාගර කාරියවසම්  යන මන්ත්‍රීවරු වෙති.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කිරීමත් සමග තේරීම් කාරක සභාව අහෝසිවී  ගිය  අතර එය මෙලෙස නැවත පිහිටුවීමට සිදුවූයේ  ඒ අනුවය.

පාර්ලිමේන්තුවේ  සියලුම කමිටු පත් කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයි.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය  අවසන් කරනු ලැබීමත් සමග කෝප් ,කෝපා  ඇතුළු පාර්ලිමේන්තු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.

අහෝසිවී ගිය එම කමිටු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරි දිනවල පත් කෙරෙනු ඇත.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි  සභාවාරයේ  තේරීම් කාරක සභාවේ  පළමු රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (9) පස්වරුවේ පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published.