ආයුද පෙන්වන්න ගිය පාතාලයා මරුට

අංගොඩ ලොක්කා නමැති ප්‍රබල පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු බව කියන සැකකරුවකු සඟවා ඇති ආයුධ තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ ගල් වලකින් පහළට වැටී මරණයට පත්ව ඇත.

පොලිසිය සඳහන් කරන්නේ ගල්වලින් පහළට වැටුණු මෙම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

පොලිසිය විසින් අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ආයුධ තොගයක් කඩුවෙල වැයික්කිවත්තේ සඟවා ඇති බවයි.

ඔහු දුන් තොරතුරු මත එම ස්ථානයට ඔහු රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පොලිසියෙන් මිදී පළා යාමට උත්සාහ දැරීමේදී ගල්වලින් පහතට වැටී බරපතළ තුවාල ලබා ඇත.

සැකකරු පලායාමට උත්සාහ කර පොර බෙදීමේදී තුවාල ලත් පොලිස් නිලධාරියෙකු ද රෝහල් ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published.