ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න සංවර්ධන කමිටුවක්

සභාපතිට කැබිනට් බලතල දෙන සූදානමක් මුල් පුටුව ධම්මික පෙරේරාට

නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා පුළුල් බලය ඇති සංවර්ධන කමිටුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. පිහිටුවීමට යෝජිත මෙම සංවර්ධන කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට දීමට නියමිත බව වාර්තා වේ.

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය ආර්ථිකමය ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම යෝජිත සංවර්ධන කමිටුවට පැවරෙන ප්‍රධාන වගකීම වන බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.

මාසයකට ඩොලර් 800ත් 900ත් අතර මුදලක් ලැබුණු වටාපිටාවක් පැවැති අප රටේ මේ වන විට එය ඩොලර් 250ත් 300ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇතැයි පැහැදිලි කළ එම නිලධාරියා නව සංවර්ධන කමිටුවේ මූලික කාර්යය වනුයේ නිල මාර්ගවලින් හැකි තරම් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියාකාරීව මැදිහත් වීම බවද සඳහන් කළේය.

නව සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට කැබිනට් ඇමැතිධූරයක බලතල හා සමාන බලතල පිරිනමමින් හැකි උපරිමයෙන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට සක්‍රීය දායකත්වයක් ගැනීමට ඉඩ කඩ සලසා දීමට ද රජය සූදානම්ව සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.