පාර්ලිමේන්තුව සාමාන්‍ය නීතියට අනුකුල නෑ ජනමාධ්‍ය අමාත්‍ය පවසයි…

පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව කී ඇමතිවරයා එම ක්‍රියාවන් ගැන අධිකරණයකදීවත් ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ යම් සිදුවීමක් ඇතිවූ විට අවශ්‍ය අංශවල අවධානය ඒ කෙරෙහි යොමු කරවිය යුත්තේ කතානායකවරයා විසින් බවත්, ඒ ගැන පරීක්‍ෂණ කළ යුත්තේ පාර්ලිමේන්තුවේදී බවත් කී ඇමතිවරයා එසේ නොකළා නම් ඒ ගැන කතානායකතුමාගෙන් විමසිය යුතු බව ද කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පොදු දේපල විනාශ කළ බව කියමින් අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නා සේ පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම්වලදී එහි දේපලවලට හානි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published.