මහ දවල් කොටහේනේ කොල්ලය

කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට මහ දවාලේ අත් මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි ගණනක රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි.

මෙම කොල්ලකරුවන් විසින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ටයිල් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන නිවෙස් හිමියාගෙන් නිවසට සුදු පාටට හුරු කමිස පැළඳ අත් මාංචු රැගෙන ඇතුළු වී තිබූ කොල්ලකරුවන් දෙදෙනා එම නිවසේ නේවාසිකව සිටින තරුණියගේ අත්දෙක රෙදි පටිවලින් බැඳ ඇය සන්තකයේ ජංගම දුරකථන තිබේදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සාලේ පුටුවක හිඳුවා තිබු බව පොලිසිය කියයි.

අනතුරු කොල්ලකරුවෝ දෙදෙනා අඹු සැමි යුවළ කාමරයකට රැගෙන ගොස් තමන් සන්තකේ ගිනි අවි තිබෙන බවට ඒත්තු ගන්වමින් ඔවුන්ට තර්ජනය කර එම කාමරයේ අල්මාරිවල බහා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

කොල්ලකරුවන් නිවසින් පිට වන අවස්ථාවේදී ව්‍යාපාරික අඹුසැමි යුවළ කාමරයේම හිඳුවා එහි දොර වසා අනතුරුව නිවසේ ප්‍රධාන ප්‍රධාන දොරටුව වසා පිටව ගොස් තිබූ බවත් පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published.