බලපත්‍ර නොමැතිව නිතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු(4) අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙයි.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යබලකා මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ ද සහය ලබාගනිමින් අද (10) අලුයම 2ට පමණ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර මෙම ඩීසල් තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ටෙන් වීල් වර්ගයේ ලුණු ප්‍රවාහනය සදහා භාවිතා කරනු ලබන විශාල ලොරි රථයකින් හා මාළු ප්‍රවාහනයට භාවිත කරනු ලබන සීතකරණයක් සහිත ලොරිරථ දෙකක් උපයෝගී කර ගනිමින් ඒ තුල ලීටර් 2000 සහ 1000 ජලය පිරවීමට භාවිත කරනු ලබන ටැංකි තුල මෙම ඩීසල් තොගය ප්‍රවාහනය කරමින් සිට තිබේ.
මෙම ඩීසල් හම්බන්තොට ධීවර වරායෙන් ධීවර යාත්‍රා සදහා ලබාගන්නා ඒවා බවට පොලිසිය සැක කරනු ලබයි.මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කිරීම සඳහා හම්බන්තොට මුලස්ථාන පොලිසියටභාර දී තිබේ.