ජයග්‍රහණයෙන් නිම වීමට තිබු අරගලය මැදට රනිල් කඩාපාත් වී මර්දනය පතුරුවනවා

පුරා මාස හතරක් අරගල භූමිය කේන්ද්‍ර කර ගනිමින් මේ රටේ දුර්ධාන්ත දේශපාලනය නිමා කිරීමේ අරමුණින් ගොවියන්,වැඩබිම් කම්කරුවන්, ධිවරයින් ,ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයින් ඇ.තුළුව සමස්ථ රට වැසියන් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනිම වෙනුවෙන් අඛන්ඩ අරගලයක නිරත වෙමින් සිටිනු ලැබුවා.එම අරගලය ඒකාබද්ධව ගාලුමුවදොර අරගල භූමිය නිර්මාණය වු බවත් එම අරගලය තුලින් මහින්ද අගමැතිවරයා,මුදල් ඇමතිවරයා හා විධායක ජනාධිපතිවරයා තනතුරු වලින් පලවා හැර විශාල ජයග්‍රණ ලබා ගත් බවත් අරගලයේ මාදිලිය වෙනස් කරමින් අරගලය නව මාදිලියකින් ජයග්‍රහණය කරා ගෙන යාමට ගාලු මුවදොර අරගලකරුවන් වශයෙන් තමන් අරගල භූමියෙන් ඊයේ දින සිට ඉවත් වු බව අද මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර යේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කොස්වත්තේ මහානාම හිමි පැවසීය.

එවැනි විශාල ජයග්‍රහන ලබමින් පැමිනි මෙම අරගලය රනිල් වික්‍රමසිංහ නැමති දුෂිත දේශපාලකයා අතර මැදට කඩා පැන ජයග්‍රහණයෙන් කෙලවරවීමට තිබු අරගලය මේ වන විට මර්දනය දක්වා ගෙනවිත් ඇති බවත් උන්වහන්සේ පැවසීය.

දැන් අරගලය නැවුම් මාවතක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු බවත් අරගලය අවසන් නොමැති බවත්,දිනන තුරු මෙම අරගලය ඉදිරිය පවත්වාගෙන යන අතර සංවිධානයක් වශයෙන් යම් සම්මුතීන්ට එකග වෙමින් ඉදිරියට මෙම අරගලය පවත්වාගෙන යනු ලබන බවත් එක් ස්ථානයක සිට අරගල කිරීමේ මාදිලිය වෙනුවට තම සංවිධානයන් ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත්ව වෙනත් මාදිලියන් ඔස්සේ මෙම අරගලය ජයග්‍රහණය දක්වා ඉදිරියට රැගෙන යන බවත් උන්වහන්සේ පැවසීය.

Leave a Reply

Your email address will not be published.