මහනුවර සහ කතරගම අවසන් පෙරහැර අද

ඵෙතිහාසික මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පස්වරු 6.35 ට යෙදෙන සුබ මොහොතින් පිටත් වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්දෙ වීථිය, ඩී.එස්.සේනානායක වීථිය ඔස්සේ වීථි සංචාරය කර ගෙවදීමට නියමිතයි.
ශ්‍රී දළදා මාළිගාව සතු ඇත් පන්තියට දළ ඇතුන් 9 දෙනෙකු සහ අලින් තිදෙනෙකු අයත් වුවත් මෙවර පෙරහර මංගල්‍යයට සහභාගී වන්නේ දළ ඇතුන් 6 දෙනෙකු පමණයි. නමුත් කෝට්ටේ රාජා ඇතුළු තවත් දළ ඇතුන් කිහිපදෙනෙකු එක්කර ගනිමින් මෙවර පෙරහර අලංකාරවත් කිරීම සඳහා දළ ඇතුන් 11 දෙනෙකු සහභාගී වනවා.
මේ අතර, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහරද අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published.