ගාලු මුවදොර අරගලයට සහය දුන් සුදු ජාතික තරුණියගේ වීසා බලපත්‍ර අවලංගුයි

ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.
ඒ අනුව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි. ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක් යටතෙයි.
ඒ අනුව MED 002918 දරන ඇයගේ වෛද්‍ය හේතූන් මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බව දැක්වෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම් දීම ඇයගේ සමාජ මාධ්‍ය පිටුවක පළ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.