මාලබේට හිසරදයක් වූ මාල හොරා

රන් මාල සොරෙකු නිසා මේ වනවිට මාලබේ කහන්තොට ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවකට ලක්ව සිටී.

අදාළ සැකකරු විසින් අවස්ථා කිහිපයකදී එම ප්‍රදේශය ආශ්‍රිතව නිවාසවලට පැන විවිධ භාණ්ඩ සොරකමේ නිරතව සිටී.

එසේම මෙම සැකකරු මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වී සිටින අයෙකු බවද හෙළිවී තිබේ.

සැකකරු විසින් බියගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ද පැහැරගෙන ගොස් ඇත.

පෙරේදා දිනයේදී එම සැකකරු විසින් මාලබේ කහන්තොට ප්‍රදේශයේ වෙළෙඳසැලක සිටි කාන්තාවකගේ සහ මාර්ගය ගමන්කරමින් සිටි කාන්තාවගේ රන් මාල කොල්ලකා පළාගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.