ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය දීමට පක්ෂව සිටි ෂෙයික් රහිමුල්ලා හඛ්ඛානි නම් පූජකවරයාව ඝාතනය කර තිබේ.
එරට මාධ්‍ය පැවසුවේ තලිබාන් සංවිධානයට ද සහාය දැක්වූ එම පූජකයාව මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් විසින් ඝාතනය කර ඇති බවය.
කෘතීම පාදයක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවාහැර එම ඝාතනය සිදුකර ඇති අතර ඊට එරට සටන්වැද සිටින අයි එස් කණ්ඩායමක් වගකීම බාරගෙන තිබේ.
කාබුල් අග නගරයේ පිහිටි ආගමික පාසලකදී එම ප්‍රහාරය එල්ල කර තිබුණි.