විදුලි බිලෙන් සහන ලැබෙන කණ්ඩායම මෙන්න

ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමුව ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

විදුලි බිලේ වැඩිවීම පිළිබඳව අපි 29 වෙනිදා දිනක විවාදයක් ලබාදීලා තියෙනවා. ඊට අමතරව රිවයිස් බජට් එක අපි න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතකොට 30,31,01,02 බොහෝදුරට ඒ රිවයිස් බජට් එකේදී සහන ලැබියයුතු කණ්ඩායම්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලකුත් දැනට සාකච්ඡා කෙරෙමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන යම්  පියවරක් ගන්න කටයුතු කරමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published.