ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

අද (12) පෙරවරුවේ නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමන් හට  ඇප නියම වී තිබෙයි

මේ අතර ජීවන්ත පීරිස් පියතුමන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හෙටදින පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කළේය.

පැමිණිල්ල නැවත ලබන 26 වැනිදා කැඳවීමට ද නියම වුණි.

ජීවන්ත පීරිස් හට චෝදනා එල්ල වී තිබුණේ, අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වීමයි.

Leave a Reply

Your email address will not be published.