බයියොයි, ටොයියොයි, ගෝපයියොයි හැමෝම එක්කහු වෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න මම එන්න කියනවා -ඇමති ප්‍රසන්න කියයි

ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සාරාංශය ගත්තම ප්‍රධාන කාරණා 50 මූලික කරගෙන එතුමා රටට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා.මූලික පදනම වී ඇත්තේ වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය මත උද්ගතව ඇති සාමාජීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්න තමයි මේක අරමුණු කරන්නේ විශේෂයෙන් ම විදුලි කප්පාදුව අවම කිරීම, පොහොර හිඟය විසඳීම, ජීවන වියදම, ගෑස්, ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලබා දීමත් හා සියළුම කර්මාන්ත දියුණු කිරිමටය“දැන්වත් එකතු වෙලා රට හදන්න කියලා”සියළු පක්ෂ එකතු වෙලා සර්ව පාක්ෂික ආණ්ඩුක් නිර්මාණය කරන්න එන්න කියලා.

සර්ව පාක්ෂික ආණ්ඩුවට උදව් කරන්නේ පොහොට්ටුවට ඡන්දය දුන් ඡන්දදායකයන් බලාපොරොත්තු වුණ දේ ඉටු කරන්නට බවද අමාත්‍යවරයා කීය.

රනිල් වික්‍රමසිංහ යනු විපක්ෂයේ අයට අලුත් කෙනෙක් නොව  එතුමලාගේ හදවත ඉන්න නායකයා බව කී ප්‍රසන්න රණතුංග මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිතම් සර්ව පාක්ෂික පාලන ක්‍රමයක් හදා රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න එකතු වෙන්නැයි ඉල්ලා සිටින බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙවැනි ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තිබියදී මාස හයකින් ඡන්දයකට යනවා යැයි කීම විහිළුවක් බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published.