ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.
අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය දෙනු ලැබීය.