ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක් අද්දර – රුසියාව කියයි

යුක්රේන හමුදා සැපෝරොසයි බලාගාරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් ඕනෑම මොහොතක න්‍යශ්ටික ව්‍යසනයක් සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වාසිලී නෙබෙන්සියා අනතුරු අගවා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ඔහු මේ බව සදහන් කර ඇති අතර එහිදී තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ යුක්රේනයේ නොසැලකිලිමත් ක්‍රියාවන් හේතුවෙන් ලෝකය විශාල න්‍යෂ්ටික ව්‍යසනයක් කරා ලංවෙමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published.