අද කොටස් වෙළඳපොළේ පිරිවැටුම බිලියන හය ඉක්මවයි

කොළඹ කොටස් වෙළඳපොල දෛනික පිරිවැටුම අද දිනයේදී රුපියල් බිලියන හයේ සීමාව ඉක්මවා ගියා.
කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද වාර්තාගත වර්ධනයක් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 321.31 එනම්, සියයට තුනයි දශම හයයි නවයකින් ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය සටහන් වූයේ 9,027.48ක් ලෙසයි.
ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 143.5න් එනම් 4.88%කින් ඉහළ යාම විශේෂත්වයක්. ඒ අනුව එම දර්ශකය දිනය අවසානයේ 3,072.46ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන6.3කට අධිකයි.

Leave a Reply

Your email address will not be published.