අගෝස්තු අග ජාතික ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් මේ මස අවසානයේදී ප්‍රකාශයට පත් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයෝ 50,000ක් වාර්තා වී ඇති බවද ඔහු පැවසුවේය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගය වසංගතයක් දක්වා වැඩි වී ඇති බවත් ඩෙංගු වසංගතය මර්දන කිරීම මේ ජාතික ඩෙංගු මදුරු මර්දන සතියේ අරමුණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට පුරා ඩෙංගු අධි අවදානම් කලාප 66ක් පවතින බවත් වාර්තා වන ඩෙංගු ආසාදිතයන්ගෙන් සියයට 51.8ක් බස්නාහිර පළාත තුළ බවත් හෙතෙම පැවසීය.

දිස්ත්‍රික්ක 26කින් ඩෙංගු ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන බවත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක ඒ අතර වන බවත් ඒ මහතා පැවසුවේය.

මදුරු මර්දන කටයුතු සඳහා ධූමායනය කිරීමට ඉන්ධන නැති වීම නිසා ක්ෂේත්‍රයේ කටයුතු අඩපණව ඇතැයි ද, තමා ජීවත් වන අවට පරිසරයේ මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසුදුව තබා ගැනීමට පුද්ගලයන් යොමු විය යුතු යැයිද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.