තායිලන්තයට ගිය පසු ගෝඨාභයට වෙච්ච දේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර ආරක්ෂක හේතු මත එම හෝටලයෙන් බැහැරව නොයන ලෙස එරට පොලිසිය ඔහුට උපදෙස් දී ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

මූලාශ්‍රයක් උපුටා දක්වමින් එම පුවත්පත මේ බව වාර්තා කර තිබේ.

රාජපක්ෂ මහතා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග සිංගප්පූරුවේ සිට විශේෂ ගුවන් යානයකින් (අගෝ. 11) රාත්‍රී 8.00ට පමණ දොන් මුආන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇත.

බැංකොක් පොස්ට් පුවත්පත පෙන්වා දෙන්නේ, රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තායිලන්තයේ ෆුකෙට් වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණ ද ආරක්ෂක හේතු මත ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇති බව ය.

බැංකොක් නුවරට පැමිණි පසු තායිලන්ත පොලිසිය සහ හමුදා නිලධාරීන් විසින් ඔහු කැටුව යන ලද බව එම වාර්තාවල සඳහන් වේ.

මේ වන විට ඔහු රැඳී සිටින ස්ථානය හෙළි නොකළ හෝටලයේ ආරක්‍ෂාව සඳහා විශේෂ ශාඛා කාර්යාංශයේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි බැංකොක් පොස්ට් වාර්තා කර තිබේ.

තායිලන්තයේ රැඳී සිටින කාල සීමාව තුළ එම හෝටලය තුළ ම රැඳී සිටින ලෙස බලධාරීන් හිටපු ජනාධිපතිවරයාට උපදෙස් දී ඇතැයි බැංකොක් පොස්ට් වැඩිදුරට ත් වාර්තා කර ඇත.

ජූලි 14 වන දා ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ගොස් සිංගප්පූරුවට පළා ගිය හිටපු ජනාධිපතිවරයා තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published.