නව සුදු කැකුළු වී ප්‍රබේදයක් හදුන්වා දෙයි

අම්බලන්තොට රජයේ වී පර්යේෂණ ආයතනය මගින් ඒ.ටී. 378 නම් නව සුදු කැකුළු වී ප්‍රබේදයක් ගොවීන්ට හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
වසර 13ක පර්යේෂණ කාලයකින් අනතුරුව එය හදුන්වා දුන් බවයි එම පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂණී සිරිවර්ධන සදහන් කළේ.
අක්කරයකට වී බුසල් 180ක අස්වැන්නක් ලබා ගත හැකි මෙම නව වී ප්‍රබේදයේ වී බුසලක බර දළ වශයෙන් කිලෝග්‍රෑම් 21කට ආසන්න බව සදහන්.
මෙම නව වී ප්‍රබේදය මෙම කන්නය සදහා හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, මාතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ගොවීන්ට හදුන්වා දී ඇති අතර එය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කිරීමට සුදුසු බවද අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂණී සිරිවර්ධන සදහන් කළා.

Leave a Reply

Your email address will not be published.