ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්ක්‍රීකරණ ආයතනයක්

ප්ලාස්ටික් මේ වනවිට මෙරට පමණක් නොව මුළු ලෝකයේම පරිසරයට තර්ජනයක් වී හමාරයි.
ඉවත ලන ප්ලාස්ටික්වලින් ඩොලර් උපයා ගත හැකි බව පැවසුවහොත් එය බොහෝ දෙනෙකු විශ්වාස නොකරන කරුණක් වනු ඇති.
වසරක් තුළ ලොවපුරා ජනතාව භාවිතයට ගන්නා ප්ලාස්ටික් ජල බෝතල් ප්‍රමාණය බිලියන හාරසිය අසූ එකකටත් අධික යි.
දෛනික ව සෑම විනාඩියකම අ‍ලෙවි වන ප්ලාස්ටික් ජල බෝතල් ප්‍රමාණය මිලියනයකට අධික යි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසර වනවිට එම අගය සියයට විස්සකින් ඉහළ ගොස් තිබීමත් බරපතළ කරුණක්.
මහ සයුරට වසරකට බැහැර කරන ප්ලාස්ටික් ප්‍රමාණය බරින් ටොන් මිලියන දහතුනක් පමණ වන අතර, සාගර ජීවින් හා සාගර පද්ධතියම ඒ වෙනුවෙන් දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙනවා.
එවන් මොහොතක ඉවතලන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කර විවිධ නිෂ්පාදන අපනයනය කර රටට විදේශීය විනිමය උපයන ශ්‍රී ලාංකික ව්‍යවසායක ආයතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
ECO SPINDLES පුද්ගලික සමාගම ආරම්භ කර දැනට වසර 3ක්.
හොරණ අපනයන සැකසුම් කලාපයේ පිහිටා තිබේන මෙම ප්‍රතිචක්‍රීකරණ කම්හල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පාලනය වනවා.
රට පුරා විහිදී ඇති ජල බෝතල් රුස් කර ගන්නා මධ්‍යස්ථාන 18ක් මගින් එක් රුස් කර ගන්නා ජල බෝතල් ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථාන 04කට යවන අතර එලෙස මසකට එකතුවන ජල බොතල් ප්‍රමාණය මිලියන දහයක් පමණ වනවා.
එම ප්‍රමාණය බරින් මෙට්‍රක් ටොන් 250ත් 300ත් පමණ වනවා.
දිවයින පුරා ස්ථාපනය කර ඇති ජල බොතල් ප්‍රතිචක්‍රීකරන බඳුන් ප්‍රමාණය 525ත් වන අතර බස්නාහිර පළාත තුළ බඳුන් 459ක් මගින් දෛනික ව විශාල ප්ලාස්ටික් ජල බොතල් ප්‍රමාණයක් එකතු කර ගැනෙනවා.

Leave a Reply

Your email address will not be published.