ඖෂධ නෑ.. රෝහල්වල ශල්‍යකර්ම නතර කරයි..

රටපුරා බොහෝ රෝහල්වල ඇති වී තිබෙන අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් ශල්‍යකර්ම බොහොමයක් නතර කර දමා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ පවතින ඖෂධ සම්බන්ධයෙන් සියලුම රෝහල වාර්තාවක් කැඳවා ඇති බවයි.

බාහිර රෝගී අංශවලින් ලබා දෙන සාමාන්‍ය ඖෂධ, ජීවිතාරක්ෂක ඖෂධ, ශල්‍යකර්මය සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධ මෙන්න ප‍්‍රතිජීවක ඖෂධ හිගතාවයක් ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙම තත්ත්වය ඉක්මනින් ම යථා තත්වයට පත් නොකළහොත් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට සෞඛ්‍ය පද්ධතියත් රටත් ඇද වැටෙනු ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.