අලි වැට හදන්න ගෙ⁣නා බඩු ’’සුදු අලි’’ වෙලා

දිවයින පුරාම පිහිටි වනජීවී කාර්යාලවලට  විදුලි වැට සැකසීමට ගෙන්වා ඇති උපකරණ වලින්  නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැතැයි  තහවුරු වී ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින සියලුම ප්‍රදේශ ආවරණය සඳහා විදුලි අලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ  කාලයක් තිස්සේ පවතින බව අමාත්‍යවරයා එහි කළ නිරීක්ෂණය නිරීක්ෂණයකදී තහවුරු වූ බව අමාත්‍යාංශය පවසයි. 

විදුලි අලි වැට ඉදිකිරීම සඳහා ඇතැම් ගොවි සංවිධාන මෙන්ම ගොවීන් ද විරෝධය පළ කිරීම නිසා විදුලි වැට තැනීම ගැටළුවක්ව පවතින බවත්, ඒ සඳහා ගෙන්වන ලද උපකරණ තවමත් නිසි ප්‍රයෝජනයක් නොගැනීමට එයද හේතුවක් බවත් එහිදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published.