ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීම පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා රට පුරා මෙහෙයුම්


ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. 

ඒ අනුව, සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව එම වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ. විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට තොග වෙළඳුන්ට අවස්ථාව හිමි වුණා. 

ඒ හරහා ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබුණා. එම වාසිය සුපිරි වෙළඳසැල් හා සිල්ලර වෙළඳුන්, පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ දැයි සොයා මෙලෙස වැටලීම් සිදුකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

Leave a Reply

Your email address will not be published.