කොළඹට එන අලුත් බස් සේවාවක් ගැන ගැමුණු කියයි

පොදු ප්‍රවාහනය සඳහා ඉදිරියේදී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෞද්ගලික බස් රථ හමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, එම බස් රථ චීනය ණය පදනමක් යටතේ ලබා දෙන බව ය.

මූලික පියවරක් ලෙස කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අවම වශයෙන් බස් රථ 100ක් ධාවනයට යොදවන බව ගැමුණු විජේරත්න මහතා පැවසීය.

“මාස තුනකින් ආරම්භ කරන්න පුළුවන් දැන් චීනයේ සමාගම් දෙකක් සමග අපි ඒ අවශ්‍ය දැනුම් දීම කරලා තියෙන්නේ ඒ සමාගම් දෙකකට. අපිට ඒ බස් රථ ලබා දෙන්නේ ණය පදනම යටතේ ලංකාවේ ගැරන්ටියක් මත.”

Leave a Reply

Your email address will not be published.