ඩොලර් නෑ.. භාණ්ඩ වර්ග 2500ක් ආනයන දැඩිව සීමා කරන ලෙස දැනුම් දෙයි…

මෙරට ඩොලර් හිගය තවදුරටත් උග්‍ර විය හැකි නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මහ බැංකුව පෙන්වා දී ඇත්තේ මෙරට විදේශ සංචිතවල වන බලපෑම ඉදිරියේ දී තවදුරටත් පීඩාකාරී වන නිසා මෙම ආනයන සීමා කිරීම කඩිනමින් ම කළ යුතු බවයි.

ඉන්ධන ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ආනයනය සඳහා ඩොලර් රඳවා ගත යුතු බැවින් අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කරන ලෙස මෙමගින් දන්වා තිබේ.

ඒ අනුව ආනයනය නොකළ යුතු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තු තුනක් මුදල් අමාත්‍යාංශයට මහ බැංකු විසින් යවා තිබේ.

එම ලැයිස්තුව ද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 2500 වැඩි ප්‍රමාණයක් ඇතුලත් වන බවද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published.