වසරක් ඇතුළත අලි මිනිස් ගැටුමට තිත

වන අලි හා මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා විදුලි අලි වැට අවශ්‍ය සියලුම දිස්ත්‍රික්කවලට ලබන වසර ඇතුළත විදුලි වැටවල් සකසා අවසන් කිරීමට තීරණය කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙි.

අලි – මිනිස් ගැටුම ලබන වසරේ අවසන් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස සියලුම ගොවි සංවිධාන හා ගොවීන් සමග සාකච්ඡා කර එතඟත්වයකට පැමිණිය යුතු බවත්, ඒ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

පසුගිය වසර තුනේ අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇතැයි ද ඒ අනුව 2019 අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වසරේ වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්, 2021 දී වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් ද වශයෙන් වාර්තා වී තිබෙන බව වනජීවී අමාත්‍යාංශය සඳහන් කරයි.

2022 වසරේ පළමු මාස හතරේ අලි – මිනිස් ගැටුම නිසා වන අලි මරණ 47ක් හා පුද්ගල මරණ 34ක් වාර්තා වී තිබෙන අතර මෙම වන අලි මරණවලින් 13ක් වෙඩි තැබීම්, වන අලි මරණ 17ක් විදුලි සැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා මරණ 19ක් හා තුවාල නිසා මරණ 08ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published.