Fuel Pass: ඉන්ධන ගන්න වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචි කිරීමට අවසර

එක් ජංගම දුරකතන අංකයකින් හෝ ජංගම දුරකතන අංක කිහිපයකින් වාහන කිහිපයක්, එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කළ හැකි බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ රාජ්‍ය ආයතන, සංවිධාන සහ ව්‍යාපාර සඳහා මෙලෙස එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි විය හැකි බව ය.

Leave a Reply

Your email address will not be published.