නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍ර බිඳවැටීමක් සිදුව ඇත.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ දෝෂය නිවැරදි කිරීම සදහා කටයුතු කරගෙන යන බවයි.
දෙවන ජනන යන්ත්‍රයද මේ වන විට සැලසුම් කර නඩත්තු කටයුත්තක යෙදී ඇති බවත් තුන්වෙනි ජනන යන්ත්‍රය පමණක් මේ වන විට විදුලි උත්පාදනය කරන බවත් හෙතෙම සඳහන් කරයි.
කෙසේ වෙතත් විදුලි ඉල්ලුම සැපයීම සඳහා ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියි.