බීමත් සිවු දෙනෙක් යාල් දේවිය පැයක් ප්‍රමාද කරති

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රියට මහව දුම්රිය ස්ථානයෙන් බීමත්ව ගොඩවූ සිව් දෙනකු  දුම්රිය තුළ කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.

මෙම දුම්රිය මහව දුම්රිය ස්ථානයෙන් සවස 4.10 ට පමණ ගමන ආරම්භ කර ඇති අතර දුම්රිය තුළ ඇති ඇතිවූ කලහාකාරී තත්වය හේතුවෙන් මගීන්  හදිසි අවස්ථාවලදී භාවිතා කරන දම්වැල ඇදීමෙන් දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති අවසාන සංඥා කණුව අසලින් දුම්රිය නතර කර තිබේ.

අධික ලෙස මගීන්ගෙන් පිරී තිබුණු දුම්රියට ගොඩ වූ මොවුන් මගීන්ගෙන් ආසන ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. මගීන් සමග දුම්රිය මැදිරිය තුළ ගුටි බැට හුව මාරුවක්ද සිදුව ඇතැයිද මගීහූ කියති.

කලහාකාරීව හැසිරුණු මොවුන් දුම්රියෙන් බැස පොලු මුගුරුවලින් දුම්රිය මැදිරියට පහරදී තිබේ. ඒ හේතුවෙන් දුම්රිය මැදිරියේ වීදුරුවලට හානි සිදුව ඇත.

වහාම ක්‍රියාත්මක වූ දුම්රිය ආරක්ෂක නිලධාරීන් කලාකාරි ලෙස හැසිරුණු මෙම පිරිස අත්අඩංගුවට ගෙන අනුරාධපුර දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරි ආර්.එම්.බී.ඒ. රත්නමලල මහතා සහ ආරක්ෂක හමුදා අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සඳහා මහව මූලස්ථාන පොලිසියට බාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published.