රෝහල් කිහිපයක ඖෂධ හිඟය උග්‍ර අතට

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක හිඟයක් මේ වනවිට මෙරට තුළ උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට අද (15) පෙරවරුවේ එක්වෙමින් මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මේ වනවිට තවත් රෝහල් කිහිපයක දැඩි ඖෂධ හිඟයක් හටගෙන ඇති බවය.

2022 පළමු මාස 3ට ඖෂධ මිලදී  ගැනීම සඳහා රටක් විදියට වියදම් කරලා තියෙන ප්‍රමාණය ගත්තොත් රුපියල් බියලියන 12.4යි.  20, 21  අවුරුදු 2කේ සමස්ථයක් විදියට ඖෂධ මිල දී ගැනීමට වියදම් කරපු මුදල අපි හතරෙන් බෙදුවොත් කාර්තුවකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 20ක් විතර ඖෂධ මිලදී ගැනීමට යොදවලා තියෙනවා. අපිට දැන් ප්‍රධාන වශයෙන් ඖෂධ ගත්තාම ජීවිත ආරක්ෂක ඖෂධ යම් ප්‍රමාණයක් තියෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ යම් ප්‍රමාණයක් තියෙනවා අත්‍යවශ්‍ය නොවන ඖෂධ යම් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යය‍ෙන් පරිහරණය කරන ඖෂධ ප්‍රමාණයක් තියෙනවා. මේ තුනම එකතු කරලා 1,146ක් විගණකාධිපති වාර්තාව අනුව. මැයි 13වනදා වනවිට මෙකෙන් වයිටල් ඩ්‍රග්ස් සහ අත්‍යවශ්‍ය ඖෂධ 200කට අධික ප්‍රමාණ්‍යක් මධ්‍යම ඖෂධ ගබඩාවෙත් මේ ඖෂධ නෑ. මෙඩිකල් අයිටම්ස්වලින් අපිට සියයට 56ක් අපිට හිඟයි. ලැබ් අයිටම්ස් 22% ක් 21% ක් ප්‍රමාණයක ගැටලුවක් තියෙනවා. ස්කෑන් කරන්න X ray ගන්න පාවිච්චි කරන ඒවා 40%ක් නෑ. මේ කියන්නේ මැයි අවසන් වන විට තිබුණ තත්ත්වය. බලධාරීන් දැන් හෙළිකරන්න ඕනේ දැන් තත්ත්වය හොඳ වෙලාද ? නරක වෙලාද? දැන් තියෙන විදියට මැයි වලටත් වඩා දරුණු තත්ත්වයකට ඇවිත් තියෙනවා. අනුරාධපුරය විතරක් නෙමේ. බදුල්ල, අම්පාර මහරගම අපේක්ෂා රෝහල ඖෂධ සම්බන්ධයෙන් දැඩි හිඟයකට මුහුණපාලා තියෙනවා. අපිට ඒ බව දැනුම් දීලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published.