ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මැයි 9 වැනි දා ගිනි අවි 4 ක් උත්සලා

මීගමුව ප්‍රධාන පෙලේ හෝටල් සමුහයට සහ එහි හිමිකරුගේ නිවසට ඉකුත් මැයි මස 09 -10 දිනයන් හි ඇතුලු වු කළහාකාරි පිරිස එහි දේපළවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියේ දී එහි තිබු ගිනිඅවි හතරක් ද සොරාගෙන ගොස් ඇති බවට මීගමුව මුලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

අස්ථානගත ව ඇති ගිනි අවි දෙක අතර,0.38 රිවෝල්වරයක්, රිපීටර් ගිනි දෙකක්, හා බෝර 12 ගිනි අවියක් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ගිනි අවි හතර සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

අරලියගහමන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර සහ අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 දින එල්ල වු ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්‍රචන්ඩකාරි සිදුවීම් මාලාවක් සිදු වු අතර, අරගලයට මුවාවී ඇතැම් පිරිසක් , ව්‍යාපාරික ස්ථාන, නිවාස හෝටල්, වලට පහර දී ගිනි තබා දේපළ කොල්ල කෑමක් ද සිදුකර තිබුණි.

මීගමුව ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයට ද ප්‍රහාර එල්ල කර ගිනි තබා එහි දේපළ සොරාගෙන ගොස් තිබු අතර, පසුව පොලිසිය කළ දැනුම් දීම අනුව එයින් කොටසක් පොලිස් ස්ථාන වෙත බාර දී තිබුණි.

Leave a Reply

Your email address will not be published.