බිස්කට් කර්මාන්තය වට්ටන්න එපා.. අපි ලොකුවට මිල වැඩි කරල නෑ..- බිස්කට් සංගමය මාධ්‍ය හමුවක

බිස්කට් මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා බව ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

බිස්කට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තිරිඟු පිටි විශේෂය මේ වන විට සියයට තුන්සියයකට ආසන්න ප්‍රමාණයකින් මිල වැඩි වී ඇති නිසා මෙරට තුළ ද මිල ඉහළ දැමීමට සිදු වූ බව ද ඔවුන් කියා සිටියි.

කෙසේ වෙතත් අද වනවිට මෙරට තුළ බිස්කට් නිෂ්පාදන වලට පහර දීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එහි අරමුණ කුමක්දැයි නොදන්නා බවත් සංගමය සභාපති එස් එම් බී සූරිය කුමාර මහතා පැවසීය.

මෙම කර්මාන්තය හිතාමතා බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ද හෙතෙම කියා සිටියේය.

කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published.