හරක් කටා බේරා ගන්න කුඩ්ඩෝ ටිකක් සූදානම් වෙති

ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන්  අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

පානදුර ප්‍රදේශයේ මහපරිමාන මත්කුඩු ජාවාරමකරුවකු වන දැනට ඩුබායි රාජයේ සැඟව සිටිින සලිදු නැමැත්තා මෙම කටයුත්තට මුලිකත්වය ගෙන කටයුතු කරන බවද ආරංචි මාර්ග පවසයි.

මෙයට ප්‍රථම ඩුබායි අත්අඩංගුවට ගත් මාකරේ මධුෂ් නැමැත්තා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිටියදි මියයාමට සිදු වු බවත්, හරක්කටා නැමැත්තා ද ශ්‍රි ලංකාවට පිටුවහල් කළහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බවත් එම නිසා ඔහු ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා එරට අධිකරණයට ඉල්ලීම් කිරීමට සූදානම් ව සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා බිරිඳ ඇතුලු පිරිසක් සමග ඉකුත් (11) වැදි දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන ඩුබායි සිට මැලේසියාව බලා යාමට උත්සහ කිරීමේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

හරක් කටා ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇතේ හේරත් දිසානායකගේ රොෂාන් ඉෂන්ක නැමැති නමකිනි.

හරක්කටා විසින් විදේශ ගමන් බලපත්‍ර සකස්කර තිබු හේරත් මුදියන්සේලාගේ රොෂාන් ඉෂන්ක නැමැත්තා කව්දි , ඔහු මෙරට මියගිය පුද්ගලයකු ද, නැතහොත් තවත් ජීවත් වන පුද්ගලයකු ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් හෙළිකර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published.